වගකීම පොලිස්පතිට පමණක් නොවේ / සරත් ෆොන්සේකා

රටේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරායා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීමේ කිසිදු සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද කියා සිටියා.

ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ප්‍රහාරයක්එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තාකළ විට  ආරක්‍ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දීම දේශපාලන අධිකාරිය සතු සතු වගකීමක් බවයි.

බුද්ධි අංශ කඩා වැටීම එක්වර සිදුවූ දෙයක් නොවන අතර 2009 වසරෙන් පසුව සෑම ආණ්ඩුවක්ම ඊට වගකිව යුතු බවයි ඔහු පවසන්නේ.

වර්තමානයේදී එම ආරක්‍ෂක යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක නොවීම සම්බන්දයෙන් නිදහසට කරුණු නොකියා ඒ සම්බන්ද වගකීම දේශපාලන අධිකාරිය  විසින් භාරගත යුතු බවද ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියා.

යුද්ධය අවසන්වූ පසුව මහාපරිමාන බුද්ධි අංශයක් සැකසිය යුතු බවට හමුදාපතිවරයා ලෙස තමන් යෝජනා කළද එවැන්නක් සිදුනොවූ බවද සරත් ෆොන්සේකා මහතා අනාවරණ කර තිඛෙනවා.

ගෙවල් වැටලීමෙන් හෝ ආරක්‍ෂක අංශ මහපාරේ සිටුවා තැබීමෙන් ඇතිවී තිබෙන තත්ත්වය මර්ධනය කළ නොහැකි බව පැවසූ සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රශ්නය විසදිය හැක්කේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් පමණක්ම යැයිද කීය. බුද්ධි යාන්ත‍්‍රණය ශක්තිමත් කළද මෙම ප‍්‍රශ්න විසදීමට අවම වශයෙන් අවුරුදු තුන්කවත් ගතවනු ඇතැයිද ෆොන්සේකා මන්ත‍්‍රීවරයා කීය.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :