

දැනට භාවිතයේ පවතින ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම්,විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ජාතික ධජයේ සිංහ රූපයේ යම් යම් අඩුපාඩුකම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.
මේ සඳහා විශාල ක්‍රියාවලියක් මෙන්ම යොජනාවලිය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙවර පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම වැනි දා සාපේක්ෂව සාමාන්‍ය අයුරින් සිදු කිරීමට සැළසුම් කර ඇති අතර දැනට භාවිතයේ පවතින සිංහ ධජය ඒ වෙනුවෙන් භාවිත කිරීමට නියමිතයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471