ඇලෝෂියස් සමග කතා බොරු / නියෝජ්‍ය ඇමති අජිත් කොමිසමෙන් තොරතුරු ඉල්ලයි

බැදුම්කර ගණුදෙනුවට අදාළ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතා සමග තමන් කිසිදු දුරකථන සංවාදයක් නොපවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවට දැනුම්දී තිඛෙනවා.
ඒ සිය නීතීඥ මංජුල බාලසූරිය මහතා මගින් කොමිසම වෙත ලිපියක් යොමුකරමින්.
එමගින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ

01.අදාළ දුරකථන ඇමතුම් සිදුව ඇති දිනය හා වේලාව ලබා දෙන ලෙස

02. එම දුරකථන සංවාද ශ්‍රවණය කිරීමට අවස්තාව ලබා දෙන ලෙස

03. මෙම තොරතුරු කොමිසම වෙත ලබාදුන් නිලධාරීන්ගෙන් කොමිසම හමුවේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

මේ අතර තමන්ගේ සිම්පත අයත් පුද්ගලික දුරථකන සමාගමෙන්ද අදාළ ඇමතුම් වාර්තා ඉල්ලා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කොමිසමට දැනුම්දෙන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.