ජීනීවා චෝදනාවලට අවශ්‍ය වෙලාවට ප්‍රතිචාර දෙනවා / රජයෙන් ප්‍රකාශයක්

Sri Lanka

මානව හිමිකම් කඩ කළ බවට  ශ්‍රි ලංකාවට එල්ල කරන චෝදනාවලට ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (02) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හුමවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2010 හා 2015 යුගයේ මුලික වශයෙන් යුද අපරාධ ස්මබන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එවකට අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිළි ව ඉදිරිපත් කළා.ඉන් අපි අතර එකඟතා ගණනාවක් ඇතිවුණත්අ වාසනාවට 2015 ආණ්ඩු වෙනත් එක්ක එවකට සිටි විදේශ ඇමති විසින් 30/1 යන යෝජනාව සම අනුග්‍රහයත් සමඟ අපි වැරදි කළා යැයි යොජනාව ඉදිරිපත් කිරිමත් සමඟ ඇති වු ප්‍රතිඵලය තමයි තාමත් භුක්ති විදින්නේ.

එවකට යහපාලන රජයේ සිටි තිලක් මාරපන ඇමතිවරයා තම කතාවේ දී ප්‍රකාශ කළේ, මෙම යොජනාව රටේ ව්‍යාවස්ථාවට පවා පටහැනි බවයි. එසේම නැවත පත් වු අපේ රජයේ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා, ඉන් අපි ඉවත් වන බව. එසේ වුවද මෙම සැසි වාරයේ දි අපි නිවැරදි බව සවිස්තරව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පදනමක් හා කරුණු කාරණා එක්ව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *