
ශ්‍රී ලාංකීය ජනතාවට සහාය පළ කරමින් නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඕක්ලන්ඩ් හීදී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මෙරට තුල වංචාව හා දූෂණය නවතා ජනතාව මර්ධනය කිරීම් ද නවත දමන ලෙසයි මෙහිදී විරෝධතාකරුවන් බල කර තිබුනේ.
ඕස්ටේ්රලියාවේ හා කැනඩාවේ ලාංකිකයන් ද ලාංකීය ජනතාවට සහාය පල කර විරෝධතා සංවිධානය කර ඇති බවයි එම රටවල වාර්තා සදහන් කළේ.
විශේෂ දැනුම්දීමයි
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
🌷👍♥️
දිව්‍ය ලෝක සැප විඳින දේශපාලුවන් නිසා අපා දුක් විඳින ලංකාවේ මහජනතාව
වෙනුවෙන් කැපවීමෙන් පවත්වන
විදේශ රටවල උද්ඝෝෂණ වලට ජයවේවා !!!