කොරෝනා අවදානම හේතුවෙන් පාසල් කිහිපයක අංශ කිහිපයක් තාවකාලිකව වැසෙයි

Sri Lanka

පාසල් කිහිපයක පන්ති කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අතරින් බේරුවල ප්‍රදේශයේ එක් පාසලක සාමාන්‍ය පෙළ සිසුවකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා.
බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කලේ මෙම සිසුවාගේ සොහොයුරා ද කොරෝනා ආසාදිතයකු බව පසුගිය 30 වනදා හෙළිව තිබූ බවයි.
කොරෝනා ආසාදනය වූ පවුල් කිහිපයක දරුවන් සිව් දෙනෙක් පාසලට පැමිණීමෙන් අරණායක ප්‍රදේශයේ මහා විද්‍යාල තුනක් හා ප්‍රාථමික විද්‍යාලයක පංති හතරක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසුවේ මව හා පියා කොව්ඩ් 19 ආසාදිතයින් ලෙස හදුනාගත් දරුවන් 4 දෙනකු පාසල් ඒම හේතුවෙන් එම පාසල්වල අදාළ පංතිය පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.
උස්සාපිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 11 ශ්‍රේණිය ද, පොල්අඹේගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද,දිප්පිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද, දිප්පිටිය මහා විද්‍යාලයක 9 – ඩී ශ්‍රේණියද, එම පාසලේම ප්‍රාථමික අංශයේ 2 – සී ශ්‍රේණිය ද මෙසේ තාවකාලිකව වසා දමා තිබුණා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පාසල් දරුවන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය මෙන්ම කොරෝනා අවදානම් හා සිය නිවෙස්වල ආසාදිතයන් පැවතීමේ අවදානම් වෙතොත් ඒ පිළිබද පාසල් බලධාරීන් දැනුවත් කළ යුතු බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *