අගවිනිසුරු, වැඩබලන නීතිපති, වැඩබලන පොලිස්පති සහ නව විගණනාධිපති පත්වෙයි

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, වැඩබලන පොලිස්පති සහ නව විගණනාධිපති ඇතුළු නව පත්කිරීම් කිහිපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද සිදුකරනු ලැබුවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර වැඩ බලන නීතිපතිවරයා වශයෙන් සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත්කර තිඛෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයකු වශයෙන් හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

මේ අතර අතිරේක විගණාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish