මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Sri Lanka
මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලා ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව වාර්තා වෙයි.
විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබේ.

මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *