ත්‍රස්තයන්ගේ මධ්‍යම පළාත් ප්‍රධානියෙක් කොටුවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාද් හී මධ්‍යම පළාතේ මූල්‍ය කටයුතු මෙහෙයවූ සැකකරු ගම්පොල ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ප්‍රහාරයට සම්බන්ධ හක් නැමැති ත්‍රස්තවාදීන් දෙදෙනා රැදී සිටි පාවහන් වෙළඳසලට ආසන්නයේ කුලී නිවසක මෙම සැකකරු සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ත්‍රස්ත සාමාජිකයා හමුදා ඇදුමින් සැරසී ගිනි අවියක්ද සහිතව ලබාගත් ජායාරූප කිහිපයක්ද මේ වන විට සොයාගෙන තිඛෙනවා.
සැකකරු සතුව තිබූ පරිගණකයක පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ දර්ශන හා විවිධ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කළ පුවත් දර්ශන මෙන්ම අයි එස් හඩපටද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
එසේම සහරාන් නැමැති ත්‍රස්තවාදියාට අයත් ලේඛණ හා දත්ත රැගෙන යන උපකරණයක් මෙන්ම අයි එස් ත්‍රස්තයින්ට සම්බන්ධ වැදගත් ලේඛණ රැසක්ද මෙහිදී පොලිසිය භාරයට ගෙන තිඛෙනවා.
මෙම සැකකරු භාවිතා කරන ලද වෑන් රථයක සිංහල භාෂාවෙන් තෙරුවන් සරණයි යන පාඨය සදහන්ව තිබීමද විශේෂත්වයක් බව ප්‍රකාශවනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා සැගව සිටි ගම්පොල ප්‍රදේශයේ පිහිටි පාවහන් වෙළදසල පිළිබදවද මේ වන විට තොරතුරු රැසක් හෙළිවී තිඛෙනවා.
එම ත්‍රස්තයින් දෙදෙනාගෙන් අයකු විසින් ලක්ෂ 65ක මුදලකට එම වෙළඳසල මිලදී ගෙන ඇති බවයි මේ වන විට වාර්තාවී ඇත්තේ.
ඒ සදහාද ත්‍රස්තවාදී මුදල් භාවිතා කර ඇති බවයි තහවුරු කර ඇත්තේ.

 

166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ