

ආශ්‍රිතයන් හඳුනා ගත නොහැකි කොවිඩ් 19 රොගීන් 85 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රෝගය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැති බවට සෞඛ්‍ය අංශ පැවසුවද මේ තත්ත්වය මත රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම පවා වඩාත් දුෂ්කර කාර්යයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
රෝග ව්‍යාප්තිය පිළිබඳව කරුණු වාර්තා වන විට තවත් විශාල පිරිසක් කරා රෝගය ව්‍යාප්ත වී තිබෙන්නට බොහෝ ඉඩ ඇතැයි පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය මත රෝග ව්‍යාප්තිය පාලනයට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද පෙන්වා දුන්නේය.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476