ජන අරගලයේ දිශාව යහපත් රටක් සඳහායි / මාර්තු 12 ව්‍යාපාරය

අපගේ පාලකයන් අඩ සියවසකට මඳක් වැඩි කලක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික හා රාජ්‍යකරණ ප්‍රතිපත්ති සමුදාය එකපැහැර ප්‍රතික්‍ෂේප කරන දේශපාලන සමාජයක් මෙරටේ නිර්මාණය වෙමින් තිබේ.  ඒ පසුගිය මාර්තු මස 31 වැනිදායින් ඇරඹුණු පුරවැසි ප්‍රජාවේ වීදි බැසීමත් සමඟිනි. මහජන නියෝජිතයන් තම නිලවරම (Mandate)  මඟින් ලැබුණු ප්‍රතිපත්ති සම්පාදනමය වගකීම වෙනුවට සහනාධාර බෙදන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් වීම තුළ අඳුරු අනාගතයක් කරා වේගයෙන් ඇදී යන රටක අභිමානය සුරැකීම උදෙසා පෙරට පැමිණි හා එමින් සිටින සියළු පුරවැසියන් හට මාර්තු 12 ව්‍යාපාරයේ ආචාරය හිමිය. අප ද සත් වසක් තිස්සේ තැත් දරන ලද්දේ මෙවන් ආකාරයේ සක්‍රීය පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමේ කාර්යය උදෙසාය. එහෙත් මෙම ජන අරගලය නිමා විය යුත්තේ රටෙහි නීතියේ අධිපත්‍යය තහවුරු වන ව්‍යවස්ථාමය රාමුවක් ඔස්සේය. එබැවින් ජන අරගලය හා එක්වන කවර සාමාජිකයෙක් හෝ වේවා ඒ සෑම සාමාජිකයෙක්ම දැඩි සාමකාමී පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. එවන් අර්ථාන්විත අවසානයක් සඳහා වන අප ව්‍යාපාරයේ පණිවුඩය මෙලෙස එළිදැක්වීමට කැමැත්තෙමු.

අප මෙහෙයුම් කමිටු සාමාජිකයන් දැඩිව විශ්වාස කරනු ලබන්නේ සෑම අර්බුදයක්ම වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කරන්නේය යන්නයි. එබැවින් මෙතෙක් සිදුනොවූ, එහෙත් අවශ්‍යයෙන්ම හෙට දින සිදුවිය යුතු වෙනස විය යුත්තේ, තනි තනි පුද්ගලයන් දෙස බලා ඔහුගේ හෝ ඇයගේ ශක්තිමත් බව පිළිබඳ සමාජයේ ප්‍රචලිත පුරෝකථන ඔස්සේ රට දියුණු කිරීමේ වගකීම ඔවුන් වෙතම පැවරීම නොව, යම් නිශ්චිත ව්‍යුහයක් කෙරෙහි විශ්වාසය තැබීමයි. එවැනි ව්‍යුහයක් නිර්මාණය කරගැනීම සඳහා අපවෙත

මේ උදාවී ඇත්තේ අත්නොහැරිය යුතු ස්වර්ණමය අවස්ථාවකි.

ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් හා විධායකය වෙත:

දිවයිනෙහි දිනෙන් දින නැඟී එන ජන අරගලයෙහි  පොදු ලක්‍ෂණය වන්නේ යහපත් රටක් නිර්මාණය කරමු යන්නයි. එබැවින් පළමුව තරුණ ප්‍රජාව ප්‍රමුඛ එකී පුරවැසි ප්‍රජාවේ පණිවුඩය කුමක්දැයි ඔබ සැම වටහා ගත යුතු අතර සුපුරුදු සරදම් සහගත ප්‍රතිචාර පසෙකලා ඔවුන් හා සහමන්ත්‍රණයට වහා සුදානම් විය යුතුය.

ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදකාරි හා තීරණාත්මක අවදියක් වෙත සේන්දු වීම වඩාත් ඉක්මන් වූයේ මහජන නියෝජිතයන්ගේ උද්දච්ජ හා නොපැසුණු ක්‍රියාකලාපය හේතුවෙනි. තමන් ජනතා පරමාධිපත්‍යය  බලය කෙරෙහි ගෞරවනීය යැයි යන්න ඔවුන් තම හැඟීම් මාත්‍රයකින් හෝ හෙළි නොකිරීමට තරම් අධිකාරීවාදී විය. අද පෙරළා ඔවුන් අත්විඳිනු ලබන්නේ එහි කටුක ප්‍රථිපලයි. එබැවින් අප උදක්ම     ඉල්ලා     සිටිනු ලබන්නේ රටෙහි තැන තැන හටගනිමින් ඇති ජනතා ඒකරාශිවීම් ප්‍රචණ්ඩකාරී   ලෙස මර්දනය   සඳහා     යොමු වීමෙන් වැලකී සිටිය යුතු බවයි.

තවද අප රටවැසියන් මෙතරම් වේගයෙන් පෙරට ඒමට බලපෑ තවත් හේතුවක් වූයේ රටෙහි සැබෑ තත්ත්වය පිළිබඳ තැන තැන කියැවුණු දුර්මතයි. එබැවින් අප ආර්ථිකමය ලෙස ස්ථානගත වී ඇත්තේ කොතැනදැයි නොවළහා හෙලිකල යුතුය. එමෙන්ම ශ්‍රී ලංකාව මෙතරම් ප්‍රපාතාකාර ඉසව්වක් වෙත සේන්දු වූයේ පෞද්ගලික වාසි හෝ පටු දේශපාලනික අරමුණු තකා තීරණ  ගැනීම, විශේෂඥ උපදෙස් පිළිනොගැනීම, ගත යුතු සාධනීය තීරණ ප්‍රමාද වී ගැනීම ආදී වැරදි ප්‍රතිපත්ති හේතුවෙනි. මෙතැන් සිට කඩිනම් සහ නිවැරදි තීරණ ගැනීමේ පිවිතුරු සහ කාර්යක්‍ෂම නායකත්වයක් විධායක ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පළ විය යුතුව ඇත්තේය. ඉදිරියේදී නිර්මිත කවර හෝ යාන්ත්‍රණයක් වේවා එවැනි මැදිහත්වීමක් සඳහා එක්වන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම වරප්‍රසාද විරහිත කැපකිරීමක් සඳහා සූදානම් විය යුතුය. එමෙන්ම දූෂණ චෝදනා ලත් කිසිවෙක් නව
යාන්ත්‍රණයක කවර ආකාරයේ හෝ  කොටස්කරුවෙක් නොවිය යුතුය.

ජන අරගලයට සම්මාදම් වන තරුණ ප්‍රජාව ප්‍රමුඛ දේශපාලන සමාජයේ හිතමිතුරු සැමට:

කවර මාදිලියේ අරගලකාරිත්වයක් ප්‍රදර්ශනය කලද ඒ කිසිදු උපක්‍රමයක් හෝ ක්‍රමවේදයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැර එකක් නොවිය යුත්තේය. ඔබ ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් බැහැර කරලීමේ උපක්‍රමද දැඩිව භාවිත කිරීමේ ප්‍රවණතාවක් බිහිවිය හැකිය. එබැවින් මෙම  දුලබ මොහොත සැබෑ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීමේ ඒකායන අරමුණ සඳහා උපයෝගී කරගත යුතුව ඇත්තේය. ඉතා වැරදි සහගත ව්‍යුහයක් තුළ අවම  සුදුසුකම් සහිත මහජන නියෝජිතයන්  පත්කරමින් සමහර විටෙක දූෂිත නියෝජිතයන් යළි යළිත් පත්කරමින් වැරදි ආදර්ශයක් දෙන ලද්දේ ඔබ හා අපමය. එබැවින් රටෙහි අනාගතය මනා පාලනයෙන් යුත් (Good Governance) රාමුවක් තුළට දිශානතිගත කිරීමේ ආරම්භක ප්‍රවේශය බවට මෙම අරගලකාරී නිමේෂය පත්කරගැනීමට අවධාරණය කළ  යුතුය. තමන් හා එක්වන කවර හෝ සාමාජිකයෙක් වේවා ඒ කිසිවෙක් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් හා
බද්ධ නොවනු ඇතැයි යන තහවුරුව මෙහිලා වැදගත්ය.

ඉදිරි දැක්ම

දැනට පවත්නා අවිනිශ්චිතබව දුරුකොට රට නැවත ස්ථාවර කිරීම සඳහා උපයුක්ත යාන්ත්‍රණය පළමුව අත්හදා බැලිය යුත්තේ හා ක්‍රියාවට නැඟිය යුත්තේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගනිමිනි. ”පාර්ලිමේන්තුවේ 225 ම එපා” යැයි යනුවෙන් වන සටන් පාඨයෙහි සැබෑ අරුත වන්නේ පශ්චාත් දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සමාජය තුළ මහජන නියෝජිතයා තම වගකීම් පැහැර හැරීමේ ප්‍රබලත්වයයි. අප මාර්තු 12 ව්‍යාපාරය ලෙස තරයේ විශ්වාස කරනුයේ අද ද තම වගකීම් භාරය දරන අතලොස්සක් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින බවයි. එබැවින් ක්‍රමයේ සුසමාදර්ශී වෙනසක් කරනවා විනා පාර්ලිමේන්තු නියෝජනය බැහැර කිරීම අවර ගණයේ දේශපාලන උපක්‍රමයක්
බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව ජන අරගලයේ සාරය කැටිකරගත් කෙටිකාලීන විසඳුමක් වෙත වහා අවතීර්ණ වීම සඳහා පාර්ලිමේන්තුව ක්‍රියා කල යුතුය. ජන අරගලය අවදානමේ හෙලීම සඳහා වන විධායකයේ යම් නැඹුරුවක් වේනම් ඒ කිසිදු උත්සහයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොදෙනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරන්නෙමු.

දෙවනුව පාර්ලිමේන්තුව මඟින් නිර්මිත යම් උත්සහයක් වේද, එය රටෙහි චිරකාලීන පැවැත්ම සඳහා වන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා උපයෝගී කරගත යුතුය. එහිලා විධායක ජනාධිපති ක්‍රමය සපුරා බැහැර කිරීම අනිවාර්ය කොන්දේසියක් විය යුතුය. තවද වත්මන් ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම ප්‍රමුඛ කාරණයක් බැවින් ආර්ථිකය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් ඇති තැනැත්තන් පොදු සම්මුතියක් යටතේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය හා එක්කරගැනීම රටෙහි අනාගත චිරස්ථිතිය උදෙසා හිතකරය. අවැසිනම් ජාතික ලැයිස්තුව උපයෝගී කරගෙන වුවද එවැනි ප්‍රමාණිකයන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදිය හැකිය. දැනටමත් සුළුතර පිරිසකගේ අපේක්‍ෂා පමණක් සාධනය කරන ආර්ථික උපදේශක කමිටු වහා අහෝසි
කිරීමටද අපි යෝජනා කරන්නෙමු.

එමෙන්ම අසමත් ආර්ථිකයක් වෙත වේගයෙන් සේන්දුවීමේදී අසාර්ථකත්වයක් පෑ සියලු මාණ්ඩලික මෙන්ම විධායක නිළධරයන් හඳුනා ගැනීමත්, රජයේ සංස්ථා, අධිකාරීන් හා මණ්ඩල ඇතුළු ව්‍යාපාර හා සබැඳි ආයතන මෙහෙයවමින් කිසිදු සාර්ථකත්වයක් නොපෙන්වන ලද ප්‍රධානීන් වෙනුවට නවක තරුණ නිළධරයන් ආදේශ කිරීම ද අනිවාර්ය කොන්දේසියක් කරගත යුතුය. එවැනි නව පත්වීම් ලබාදීම සිදුකල යුත්තේ ඉතා පැහැදිලි යාන්ත්‍රණයක් ඔස්සේය. එවැනි වැඩපිළිවෙලක් සඳහා ප්‍රවේශයක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඉතා වැදගත් පියවරකි.

අත්සන් කළේ: මාර්තු 12 මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

රෝහණ හෙට්ටිආරච්චි, විමල් ප්‍රනාන්දු,නීතිඥ නදීශානි පෙරේරා, සමාදනී  කිරිවන්දෙණිය, හේමන්ති ගුණසේකර,සමන් හමංගොඩ,නීතිඥ චාමින්ද සමන්ත රාජකරුණා, මංජුල ගජනායක, තිස්ස විජේතුංග, දයා හේරත්, නිශාන්ත ප්‍රීතිරාජ්,  නීතිඥ ප්‍රබෝධ රත්නායක,  උපේක්ෂි ප්‍රනාන්දු

මාර්තු 12 ව්‍යාපාරය යනු: මාර්තු 12 ව්‍යාපාරය, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් රටෙහි නිර්මාණය කර ගැනීමේ ප්‍රමුඛ අරමුණින් වසර 2015 මාර්තු 12 වැනි දින ස්ථාපිත කරන ලද මහජන ව්‍යාපාරයකි . එය නියෝජනය කරනු ලබන මෙහෙයුම් කමිටු සාමාජිකයෝ  සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය හා එක්ව කටයුතු කරනු ලබන අතර ඔවුන් වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා ආයතන හොබවන විධායක නිළධරයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්  ලෙස මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව ක්‍රියාකරනු ලබන්නේ ස්වේච්ජා පදනමිනි.

_______________________________________________________________________

Letthe citizen’s dream of a healthy Sri Lanka be a reality – let’sprovide a meaningful outcome to the people’s agitation

There is a new emerging political culture and voice, categorically rejecting the inefficient hit and miss economic policies, governance structures and a plethora of disorganized policies pursued by the leaders for more than five decades.  This phenomenon commenced when the citizens took to the streets on 31 March The ‘March 12 Movement’ salutes all citizens who stepped out to safeguard and protect the dignity of a country that is rapidly sliding deeper into an abyss, with the people’s representatives resorting to fostering an indebted, dependent and welfare culture instead of fulfilling the policy-making responsibilities in line with the mandate given by the people. We too have been striving for over seven years to develop and harness active citizenship of this magnitude. However, this unique agitation of the people should only end with a constitutional framework that fully establishes and strengthens the rule of law in the country. Therefore, we strongly believe that any person who engages in the people’s agitation will adhere to a strict peaceful process. We would like to unveil the message of our movement for such a meaningful and purposeful outcome.
Our steering committee members strongly believe that every crisis creates greater opportunities. Therefore, the change that has not yet taken place, but must invariably take place tomorrow, is to place your trust and faith in a specific structure instead of focusing on individuals and handing them the responsibility of developing the country based on the reputation generated through propaganda and perceptions of society. This is a golden opportunity before us to create such a structure and this moment should not be missed.

To the representatives of the Legislature and the Executive:
A common feature and call of this mounting public agitation are to create a better country. Therefore, you must first understand the message of the citizens including the youth, setting aside the usual rhetoric and cynical responses and be open and ready for a wider discourse with them immediately.
Sri Lanka moved into such a decisive and turbulent chapter at such a rapid pace due to the arrogant and immature actions and behavior of the representatives of the public. They were so authoritarian in their conduct that they did not even have an iota of expression of respect that the sovereignty of the people was supreme.  In return, they are experiencing bitter consequences. We, therefore, urge you to refrain from resorting to the violent repression of the mass rallies and the voices of dissent that are sprouting all over the country.
Misinformation and false propaganda about the reality of the situation in the country was another reason that prompted the people to move into such swift action.  Therefore, we need to present the true picture of our economy and our position without any further delay. Sri Lanka has reached such an abysmal point due to a plethora of bad erroneous policy decisions including the practice of decision-making based on personal or narrow-minded political gain, refusal to consider professional and expert advice and long delays in making critical decisions. Therefore moving forward, effective leadership withintegrity and swift decision- making ability should be evident from the Executive President and Members of Parliament. Every Member of Parliament who engages in such an intervention, irrespective of the mechanism created in the future, must be prepared for a commitment without seeking any benefits or privileges. No one accused of any corruption or misappropriation should be a part of such a new mechanism.
To all the friends of the political fraternity, including the youth who are engaging in this agitation:
No agitation or struggle irrespective of the strategies adopted or methodology should be outside the framework of democracy. There may also be a trend and strategies that attempt to lure or push you outside this democratic framework and space. This unique opportune moment should be used for the sole purpose of introducing a genuine constitutional reform. We are the ones that gave the wrong message and example by electing the least qualified and at times re-electing the utterly corrupt personnel as public representatives into an extremely flawed and defective structure. Therefore, we must ensure to use this pivotal moment of the agitation to initiate a process that moves the country in the direction of a framework of good governance for the future. It is of paramount importance to make sure that every member who joins will refrain from any action or activity that promotes violence or undue aggression.
Outlook for the future
The mechanism that should be tested and placed into motion in order to eliminate the current volatility and uncertainty and firmly secure and strengthen the country would be centered on the Parliamentary process and framework.  The real call and meaning of the slogan “No to the entirety of the 225 in Parliament” is the power of the frustration due to the people’s representatives abdicatingtheir responsibilities in the post – Second Republican constitutional society. As the March 12 movement, we strongly believe that still there is a small group of MPs in Parliament today who uphold their responsibilities. Therefore, we would like to emphasize that the political strategy required would be for a complete paradigm shift is what is required more than exclusion of parliamentary representation.
Accordingly, Parliament must be activated to move immediately towards a short-term solution that embody the essence and core elements of the people’s struggle and agitation. We strongly believe that any attempt by the executive to jeopardize or suppress the people’s struggle will not be approved or sanctioned by Parliament.
Secondly, any attempt made by Parliament must be utilized for constitutional reform for the continuous existence of the state. The complete abolition of the executive presidency should be a mandatory condition. Furthermore, since overcoming the current recession is a foremost priority, it is in the best interest of the country considering future economic sustainability to engage in the parliamentary process through consensus, those who have a sound understanding of the economy and experts in economic affairs. If required, the national list could be made use of to expand opportunities for the engagement of such experts. We also propose the immediate abolition of the Economic Advisory Council, which only meets the aspirations of a small minority.
It is also imperative to identify all the officials as well as executives who have failed and contributed to this rapid decline of the economy and make it a mandatory requirement to replace the heads of government corporations, authorities and boards who have led these institutions without any success or progress, with new young officials. Such new appointments should be made through a clear transparent and accountable mechanism. The abolition of the 20th Amendment to the Constitution as a prelude to such a program is a very important step.

Signedon behalf of the March 12 Steering Committee
RohanaHettiarachchi, Wimal Fernando, Attorney-at-Law Nadeeshani Perera, SamadaniKiriwandeniya, Hemanthi Gunasekara, SamanHamangoda, Attorney-at-Law Chaminda Samantha Rajakaruna, Manjula Gajanayake, TissaWijetunga, DayaHerath, Nishantha Prithiraj,Attorney-at-Law PrabodhaRatnayake andUpekshi Fernando.

The March 12 Movement: The March 12 Movement is a people’s movement established on March 12, 2015 with the primary objective of creating a holistic political culture in the country. Its steering committee members are engaged  with civil society and non-governmental organizations as well as the public and private sectors, and consist of professionals, civil society activists and corporate executives, as well as social activists who work on a voluntary basis with the March 12 Movement.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *