ආණ්ඩුව අර්ථසාධක අරමුදල බිල්ලට දීලා / ජවිපෙන් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට එල්ලවූ බලපෑම් සමනය කිරීමට රජයේ අර්ථසාධක අරමුදල යොදාගනිමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළේ කොටස් මිල පහතයමින් තිබියදී කොටස් වෙළදපල ආයෝජනයට මෙම අරමුදලේ මුදල් වැය කරමින් පවතින බවයි.