වයඹ හා මිනුවන්ගොඩ සිද්ධි පසුපස දේශපාලකයින්

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුව ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් අනාවරණ කරගෙන ඇතැයි අදාළ වාර්තා හෙළිකරනවා.

වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම සඳහා වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ නිර්මාණය කර ඇති බවටයි මෙමගින් හෙළිව ඇත්තේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නමැත්තාගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොළ ප්‍රදේශයේ මෙම කඩාකප්පල්කාරී සිද්ධි සිදුකිරීම සංවිධානාත්මකව සිදුකර ඇතැයිද එහි සදහන්.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනාධිපති කාර්යාලයට සහ  අග්‍රාමාත්‍යවරයාට භාරදී ඇති අතර, ආණ්ඩුවේ අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවනවා.