සහරාන් හෂීම්ගේ ගෝලයන් දෙදෙනෙක් හොරොව්පතානේදී අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක  සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ, ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු  හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ මෙහෙයුමකින් හොරොව්පතාන පත්තෑව පදිංචි නූර් මොහොම්මඩ් අඩ්රායූර් හා අබ්දුල් ජමාර් නිජම් යන 48 හා 56 වයසේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න