උතුරු කොරියාව විසින් එරට දේශසීමාව ආසන්නයේ යුධ අගල් කැපීම ආරම්භ කර තිඛෙනවා.
බී බී සී වාර්තා සදහන් කළේ ඊයේ දිනයේදී උතුරු කොරියානු සෙබලකු දකුණු කොරියාවට පලා යාමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන ඇති බවයි.
සී සී ටී වී දර්ශන මගින් ඊයේ අනාවරණ වුණේ පලා යන උතුරු කොරියානු සෙබලකුට එරට හමුදාව විසින් වෙඩි තබන ආකාරයයි.
එහිදී වෙඩි පහර කිහිපයක් එල්ලවුවද දකුණු කොරියානු දේශසීමාවට ලගාවීමට එම සෙබලා සමත්ව තිබුණා.
පසුව දකුණු කොරියානු හමුදා විසින් ඛේරාගත් එම සෙබලා මේ වන විට ශල්‍යකර්මයකට ලක්කර තිඛෙනවා.
ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි ප්‍රකාශවන්නේ.
තවත් සෙබලුන් පලායාම වැලැක්වීම සදහා උතුරු කොරියාව මේ වන විට පියවර ගනිමින් පවතින බවද බි බී සී වාර්තා හෙළිකර තිඛෙනවා.මේ අතර සෙබලකු පලායාම වැලැක්වීමට අසමත්වූ උතුරු කොරියානු සෙබලුන් සේවයෙන් නෙරපා ඇති අතර ඔහු ඛේරාගත් දකුණු කොරියානු සෙබලුන්ට එරට රජය විසින් සම්මාන පිරිනමා තිඛෙනවා.මේ එම සම්පූර්ණ සී සී ටී වී දර්ශනයයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.