තවුහිද් ජමාද්ට සම්බන්ධ පාර්ලිමේන්තු සේවකයා පුහුණු කදවුරටත් ගිහින්

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු  භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ සැකකරු කුරුනෑගල අලකොල පැවැති පුහුණු කඳවුරකට එක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

මෙම පුහුණු කඳවුර පිළිබඳව කුරුණෑගල පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ විමර්ශනවලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුහුණු කඳවුර සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පහක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඒ අතර පුහුණු කඳවුර පැවැත්වූ පොල් ඉඩමේ හිමිකරු, පුහුණු වැඩසටහන සම්බන්ධීකරණය කළ පුද්ගලයා, දේශන පැවැත්වූ පුද්ගලයාද ද වනවා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කුරුණෑගල රෝහලේ සේවය කළ සේවකයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම පුහුණු වැඩසටහනට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට අදාළ පරීක්ෂණවලදීයි පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු මෙසේ අත්අඩංගුවට ගැණුනේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න