

කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය විරෝධය පල කර තිබෙනවා.
ඒ අනුව රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද කොළඹ වරාය ආසන්නයේ සහ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සංවිධානය කර තිබුණා.
මේ අතර වරාය අධිකාරියේ නිදහස් සේවක වෘත්තීය සමිතියේ නියෝජිතයකු ද ප්‍රකාශ කළේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය අරගලයක් සිදුකළ ද බටහිර ජැටිය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබද ව ද අවධානයෙන් පසුවන බවයි.
වසර 35 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දීය හා ජපාන පුද්ගලික ආයෝජනයක් ලබා ගැනීමටයි කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ එරට ප්රමුඛ අවශ්‍යතාවය වන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මිස බටහිර පර්යන්තය නොවන බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476