ස්කොට්ලන්තයට එරෙහි එක්දින තරගය ලංකාව ජයගනී

ස්කොට්ලන්තයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 35 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
එඩින්බරෝ හීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කළා.
වසර කිහිපයකට පසු ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සිය දෙවන අර්ධ ශතකය ලබමින් ලකුණු 77ක් රැස් කළා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 44ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 27කදී ලකුණු 132කට කඩුලු 3ක් දැවී සිටි අවස්ථාවේ තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.
ඒ අනුව තවත් පන්දුවාර 7ක් තුල ලකුණු තවත් 103ක් ලබාගැනීමටයි ඔවුන්ට සිදුවුණේ.
එහෙත් පන්දුවාර 33යි පන්දු 2කදී ස්කොට්ලන්ත සියලු පිතිකරුවන් ලකුණු 199කට සීමාවුණා.
නුවන් ප්‍රදීප් කඩුලු 4යි.
සුරංග ලක්මාල් කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව තරග 2කින් යුතු එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 1ට 0ක් ලෙසයි.
මෙය වසර 3කට පසු ශ්‍රී ලංකාව විදෙස් එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාවයි.