හෝන් එක වැඩ කරයි / ප්‍රභූවරුන්ට යන්න මාර්ග වහන්න බෑ / ජනපති

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට අවහිරතා මතුවන ලෙස මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී තිඛෙනවා.
කැබිනට් මණ්ඩල හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිඛෙනවා.

ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් අදාළ අංශ දැනුවත් කළ බව සදහන්.
පසුගියදා කොලඹ නගරයේ ස්ථානයකදී ප්‍රභූවරයකුට ගමන් කිරීම සදහා මාර්ගයක් වසා දැමූ අවස්ථාවේ මාර්ගයේ අවහිරතාවට පත් රියදුරන් නලා නාද කරමින් විරෝධය පල කරනු ලැබුවා.
ඊට සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් සහායක් හිමිව තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න