පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ 27 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවට රැස්වූ පක්ෂ නායකයන් සියලු දෙනා ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිඛෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට නීතිපතිවරයා මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සහභාගි වී සිටි බවයි වාර්තාවන්නේ.
සීමා නිර්ණය ගැසට් පත්‍රයට අදාළව අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ලබන සඳුදා මෝසමක් ඉදිරිපත් කර 30 වැනිදා වනවිට එහි කටයුතු අවසන් තීන්දුවකට ඒමට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපතිවරයා එහිදී දැනුම් දී තිඛෙනවා.
එමෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සංවිධානය කිරීමට අවශ්‍ය පියවර මැතිවරණ කොමිසම රැස්වී තීන්දු කරන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී දැනුම් දී ඇති අතර නඩුවට අදාළ නොවන පළාත් ආයතන 133ක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තමන්ට තිබෙන බවද සභාපතිවරයා මෙහිදී පවසා තිඛෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.