පංචායුධය දෙදරයි / පියසිරි විජේනායකට විනය පරීක්ෂණ

ජාතික නිදහස් පෙරමුණේ හටගෙන ඇති අර්බුධය තවත් උත්සන්නවී තිඛෙනවා.ඒ අනුව එහි ජාතික සංවිධායක පියසිරි විජේනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ.
පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂය හා පක්ෂ නායකත්වය බරපතළ ලෙස විවේචනය කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
ජාතික නිදහස් පෙරමුණේ නව ප්‍රධාන ‍ලේකම් ලෙස ඉකුත් සතියේ පත් වූ කපිල ගමගේ අත්සනින් යුතු ලිපියක් මේ වන විට පියසිරි විජේනායක මහතා වෙත යොමුකර තිඛෙනවා.
මෙතෙක් එහි ලේකම් ධූරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ මහතාද පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වුණා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish