ඥානසාර හිමියන්ට ජනපති සමාව දෙන ලිපිය බන්ධනාගාරයට ලැබිලා

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා තහවුරු කරනවා.
ඒ අනුව අද දිනයේදී ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් මුදා හැරෙනු ඇති බවටයි වාර්තාවන්නේ.