මියන්මාර හමුදාවට එරෙහිව එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධයේ

Sri Lanka

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පල කරමින් එරට රෝහල් 70 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ නීත්‍යානුකුළ රජය යලි පිහිටුවන ලෙස බලකරමිනුයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය මධ්‍යයේ රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවන්ට එළඹීම බරපතල තත්ත්වයක් බවයි මියන්මාර වාර්තා පවසන්නේ.

මේ වන විටත් එරටින් කොරෝනා ආසාදිතයන් 140,000 ක් හා මරණ 3,000 ක් වාර්තාවී තිබෙනවා.
දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගණන ද 300 ක් පමණ වන බවයි එම වාර්තා පවසන්නේ.මෙම විරෝධතාවයන්ට මියන්මාරයේ රාජ්‍ය සේවකයන් ද එක්වීමේ අවදානමක් පවතින බවයි ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළේ.
බාහිර බලපෑම් මත ,කොරෝනා වසංගත අවදානමක් පැවතියදී පවා හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීම දැඩි විරෝධයකට ලක්ව ඇති බව ද එම වාර්තාවල සදහන්.
මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට සමාජ මාධ්‍ය තුල ද මෙහෙයුමක් ආරම්භවී තිබෙනවා.
මියන්මාර දේශපාලන නායකයන් අත්අඩංගුවෙන් මුදා හැරීම හා නීත්‍යානුකූල රජය යලි පිහිටුවීම එහි අරමුණයි.
කෙසේ වෙතත් මියන්මාර හමුදා පාලනය ඒ සදහා ප්‍රතිචාර දක්වා නැහැ.
මේ වන විටත් රුසියාව හා චීනය හැර ලෝකයේ රටවල් ගණනාවක් මියන්මාර හමුදා පාලනයට විරෝධය පල කර තිබෙනවා.
ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ මීට දැඩි පියවරක් ගැනීමට යෝජනා වුවද චීන හා රුසියානු විරෝධය මැද එය නිෂේද වී තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *