කොරෝනා අවදානම ගැන සැක බිළිදුන් වහා රෝහල් ගත කළ යුතුයි /ළමා රෝහලේ අධ්‍යක්ෂ

Sri Lanka

පවත්නා කොරෝනා අවදානම හමුවේ කුඩා දරුවන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහල් කර යොමුකරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ඉල්ලීමක් කරනවා.
ඔහු පැවසුවේ ළමා රෝහලෙන් පමණක් මේ වන විට කොරෝනා ආසාදිත බිළිදුන් 150 ක් පමණ හදුනාගෙන ඇති බවයි.
මෙම තත්ත්වය තුල රෝහලේ කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකදී නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබුණා.
බිළිදු දරුවන් කොරෝනා වැළදී මිය ගිය අවස්ථාවල ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ නියමිත අවස්ථාවේදී රෝහල්ගත නොකිරීමයි.
පසුගිය පළමුවනදා වයස අවුරුදු 1 යි මාස 4ක බිළිදකු එසේ මියගොස් තිබුණා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *