යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි  යුදහමුදාපති  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රටේ සාමය ආරක්ෂා කිරීමට  ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද  ඔහු සඳහන් කළා.

රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා මුළු දිවයිනටම හෙට දිනය දක්වා ඇඳිරි නීතිය පනවා ඇති බවත් එම කාලසීමාවේදී ඒ නීතියට ගරු කරමින් කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීම බවත් යුද හමුදාපතිවරයා පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *