ලංකාවට හමුදා එවීමේ සුදානමක් නෑ / ඉන්දියාව කියයි

ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

මෙම වාර්තා සහ එවැනි අදහස් ඉන්දීය රජයේ ස්ථාවරත්වයට ද නොගැලපෙන බව ඔවුන් සඳහන් කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ ස්ථාවරත්වය සඳහා ඉන්දීය හමුදා යොමුකළ යුතු බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *