අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර

Sri Lanka

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාම සම්බන්ධයෙන් අමෙරිකාව යලිත් චීනයට චෝදනා කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ එල්ල කළ මෙම චෝදනාව යළි තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබද පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මාරාන්තික වෛරසය පිළිබඳ අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට හා සැපයීමට චීන රජය අසමත් වීම ලෝකයටම අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කළ බවයි.
අද පවා චීනය ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ලබා දීමේදී දැඩි සීමාවන් මත කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා.
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් චීනයට පැමිණ සිටිය ද දැඩි සීමා මත පරීක්ෂණ සිදුකිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි අමෙරිකානු මාධ්‍ය චෝදනා කළේ.
ඉදිරියේදී මෙවන් තත්ත්වයන් මතුවීම වැලැක්වීම සඳහා චීනය වඩාත් විනිවිද භාවයෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළා.
කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අමෙරිකාව තම රට ඉලක්ක කර ගනිමින් තවදුරටත් අසත්‍ය මතවාද නිර්මාණය කරන බවයි.
එය වසංගතය පිළිබද සත්‍ය සෙවීමට බාධාවක් බවද ඔහු අවධාරණය කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *