මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමඟ දිගින් දිගටම සාකච්ඡා කලත් නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් ඔහු පැවසීය.

ඒ අනුව පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට සමගි ජන බලවේගය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බවත් ඔහු පැවසීය.

තමන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *