
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්ත,නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 16 දෙනකුට එරෙහිව රටින් බැහැරවීම තහනම් කරමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය වනදා ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළවයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.
විශේෂ දැනුම්දීමයි
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews