ජනපති යටතේ කිසිම තනතුරක් භාර ගන්නේ නැහැ – ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා

වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆොන්සේකා මහතා පවසන්නේ, අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යැවිමේ උත්සාහය තරයේ හෙළා දකින බවයි.

සමස්ත ශ්‍රී ලාංකිය ජාතියම සාමකාමී අරගයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමන් ද කොන්දේසි විරහිතව සිට ගන්නා බව ෆොන්සේකා පවසයි.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ, තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂ අර්බුදය විසඳීමේ කොටස්කරුවෙකු නොවන බවයි.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.