එකම පන්තියක බලය රදවා ගැනීමට මෙහෙයුමක් / ජවිපෙ කියයි

කල්මැරීම තුලින් රට තුළ උද්ගතව ඇති ගැටලුව විසඳාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු සදහන් කළේ එකම පන්තියක දේශපාලන කණ්ඩායමක් අත බලය රදවා ගැනීමේ මෙහෙයුමක් සිදුවන බවයි.

“ගෝල්ෆේස් එකේ ඉන්න කණ්ඩායම්වල විරෝධය තියෙන්නේ ජනාධිපතිට අයින් වෙන්න කියලා. ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ. එහෙම වෙලාවක මේ ආණ්ඩුවයි, ආණ්ඩුවට බොහොම කිට්ටුවෙන් ගණුදෙනු කරන දේශපාලන කණ්ඩායමයි උත්සාහ කරමින් ඉන්නවා ජනාධිපතිවරයා තියාගෙන. මේකට තාවකාලික උත්තරයක් හොයාගන්න. ඒ නිසා මේ රාජපක්ෂවරු අතේම නැවත බලය තියාගන්න. රාජපක්ෂවරු මුහුණපාලා තියෙන අර්බුදයෙන් ගොඩගන්න උත්තර නෙවෙයි දැන් ඕනකම තියෙන්නේ මේ කවුරු යෝජනා කරත්. දැන් ඕනකරලා තියෙන්නේ මේ රාජපක්ෂවරු ඉවත් කරලා රට ගොඩගන්න උත්තර. මේ යෝජනාවෙනුත් අපිට පේනවා වෙන වෙනම දේශපාලනය කරාට වෙන වෙන පාටවලින් හිටියට මේගොල්ලෝ ඔක්කොම එක පන්තියක මිනිස්සු. එක කණ්ඩායමක්. එක පිරිසක් ගෝඨාභය රාජපක්ෂට ප්‍රශනයක් එනකොට, මහින්ද රාජපක්ෂට ප්‍රශ්නයක් එනකොට, මහින්ද රාජපක්ෂට බැරිනම් රනිල් වික්‍රමසිංහ එතනට ආදේශ කරන්න කතාකරන්නේ, රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද. ? මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු, රට විනාශ කළා කියලා රනිල් වික්‍රමසිංහ එපා කියලා නේ මේ ආණ්ඩුව හදාගත්තේ. එතකොට රනිල් වික්‍රමසිංහ එපා කියලා හදාගත්ත ආණ්ඩුවක ජනාධිපතිවරයාම ආපහු ඒ රනිල් වික්‍රමසිංහ ගැනම විශ්වාස කරනවානම් ඒක අපි හිතන්නේ දේශපාලනයේ ලොකුම ලොකු විහිළුව වගේ තමයි පේන්නේ. “

“මේ ප්‍රශ්නයට භාග උත්තර නෑ. අනික කල්මරලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් නෑ. දැන් අපි දැක්කා මහ බැංකුවට අලුතින් පත්කරපු අධිපතිතුමා කියනවා. සති දෙකක් තුළ ස්ථාවර ආණ්ඩුවක් හැදුවේ නැත්නම් එතුමා යනවා කියලා. ඇත්ත අපේ රටේ ස්ථාවරත්වය හැදුවේ නැත්නම් රට මීට වඩා වැටෙනවා ඒ නිසා මේ එකිනෙකාගේ තනතුරු රැකගන්න. ජනාධිපතිකම් රැකගන්න, එකිනෙකාගේ බලය ගැන හිතලා නෙවෙයි මේ වෙලාවේ ජනතාව තීන්දුවක් ගතයුත්තේ රට ගැන හිතලා.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *