ආණ්ඩුවක් පිහිටුවීමේ ඇරයුම සජිත් පිළිගනී/ ජනපතිට ලිපියක් ලියයි

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනය ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවේ නව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කැමැත්තෙන් සිටින බවයි.

මෙහිදී ඉදිරිපත් කර ඇති එක් කොන්දේසියක් වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සති දෙකක් ඇතුළත සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

තවද, නියමිත කාලසීමාව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බව ද එහි සදහන්.

තුන්වන කොන්දේසිය වන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමයි.

හතරවැනි කොන්දේසිය වන්නේ, ඉහත කී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමෙන් පසු, නව ස්ථාවර රජයක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

ආර්ථිකය කඩා වැටීම පාලනය කිරීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් තමා සතුව පවතින බව සජිත් ප්‍රේමදාස දැනුම්දී තිබෙනවා.

Image

 


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.