රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් පිළිගැනීමට සූදානම් නැහැ – කාදිනල් හිමි

අගමැති ධුරයට පත්කිරීමට යන රනිල් වික්‍රමසිංහත් එම ආණ්ඩුවත් පිළිගැනීමට සූදානම් නැතැයි, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අද සවස පැවති මාධ්‍ය හමුවක් අමතමින් කාදිනල් හිමියන් අවධාරණය කර සිටින්නේ, මහා නායක හිමිවරුන් ඉදිරිපත් කර තිබූ පරිදි නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලයෙකු නව අගමැතිවරයා ලෙස පත් කර තාවකාලික අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

තව ද  මහ නාහිමිවරුන් විසින් ආගමික නායකයින්ගේත්, ජනතාවගේත්, අභිලාසය සලකා බලා සිදු කරනු ලැබ තිබූ එම යෝජනාවට කුමක් සිදුවූයේ දැයි, එහිදී කාදිනල් හිමියෝ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

”රටපුරා ඇති වෙච්ච ආර්ථීක අහේනිය සහ විනයක් නැතිකම නීතියක් නැතිකම යන තත්ත්වය තුළ ජනතාව බලාපොරොත්තු වුණේ, ඉන්න අයව මේකට දාන්න නෙමෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ, ස්වාධීන කවුරුත් පිළිගත හැකි කෙනෙක්. ජනතා නියෝජිතයින්ට ඕන විදියට ඔළු මාරු කරමින් ජනතාවගේ හෙට දවසත් රටේ අනාගතයත් ජනතා අභිලාසත් සමග කරන දේශපාලන සූදුව හෙළා දකිනවා”


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.