• Sun. Nov 27th, 2022

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධියි /ඕමල්පේ සෝභිත හිමි

ByLankaAnews

May 12, 2022

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ක්‍රම විරෝධී හා ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා කටයුතු සංවිධානය වෙමින් පවතින බවට ජනමාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සෝභිත හිමියන් අවධාරණය කර සිටියේ, ඔහු එම තනතුර සඳහා පත් කිරීමට කිසිදු යෝග්‍යතාවක් නොමැති බවයි.

”රනිල් වික්‍රමසිංහ පිළිබඳව මුළු රටම දන්නවා. ඔහු ඇත්ත වශයෙන් ම මහජන ආදරය ගෞරවය දිනාගත් නායකයෙක් නොවෙයි. ඔහු පාර්ලිමේන්තුවට පත්වෙන්නේ, තමන්ගේ පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් හැටියට”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *