ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා පවසන්නේ නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස පළමුව ආරධනා කළේ, විපක්ෂ නායකවරයාට බවයි.

එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව අනෙකුත් පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ පත් කළ බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරිමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරිමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දෙයි.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.