රනිල්ට සහයදීම ගැන ශ්‍රීලනිපයේ සාකච්ජාවක් / පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හෙට කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.

පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කළේ, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගනු ලබන තීන්දුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්විමක් හෙට (14) පෙරවරු 9.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයා හමුවෙන පළමු අවස්ථාව මෙය වනු ඇති


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.