රනිල් සමග ආණ්ඩු කරන්නේ නැ/ ශ්‍රීලනිපය අවසන් තීරණය දන්වයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ කිසිදු ආණ්ඩුවක කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සදහන් කළා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව රජයට එක්වන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ආරාධනාව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ රජයට එක්නොවීමේ තීරණයට එළඹ ඇත.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.