මියන්මාරයේ හිටපු නායකයන්ට පොලිසිය චෝදනා ගොනුකරයි

Sri Lanka

හමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් පහකළ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා.
රොය්ටර් පුවත් සේවය සදහන් කළේ නීති විරෝධී සන්නිවේදන උපකරණ ආනයනය කළ බවට චෝදනා ගොනුකරමින් ලබන 15 වනදා තෙක් ඇය පොලිසිය භාරයේ රැදවීමට අවසර ලබාගෙන ඇති බවයි.
75 හැවිරිදි අවුන්සාන් සුකීගේ නිවසේ තිබී නීති විරෝධිව ගෙන්වූ වෝක ටෝකි යන්ත්‍ර 6ක් සොයාගත් බව ද මෙම වාර්තාවේ සදහන්.
මේ අතර බලයෙන් පහකළ ජනාධිපති වින් මයින්ට් හට ද මියන්මාර පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා.
ඒ කොරෝනා අවදානම නොතකා හරිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට අවසර ලබාදීම හරහා නියමයන් උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.
කෙසේ වෙතත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පවසන්නේ එරට හමුදා පාලනය නායකයන් සිරගත කිරිම සඳහා ව්‍යාජ චෝදනා ගොනුකරමින් පවතින බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *