අර්ජුන් මහේන්ද්‍රන්ට හා අර්ජුණ ඇලෝසියස්ට අධිචෝදනා

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවෙල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුණ ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළවයි.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළව නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.

මොවුන්ට අමතරව තවත් විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධීචෝදනා ගොනුකිරීමට නියමිත අතර එම සැකකරුවන් වන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හා කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩි. මිත්‍ර ගුණවර්ධන, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දියපුංචිහේවා යන අයයි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.