පාප්තුමන්ට යැවූ බව කියන ලිපිය බොරුවක් / මුදල් අමාත්‍යාංශ්‍ය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ නමට වතිකානය වෙත යවන ලද ලිපියක් මේදිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සහමුලින්ම ව්‍යාජ ලේඛනයක් බව මුදල් අමාත්‍යංශය පවසනවා..
අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන්නැයි ලිපියක් යොමු කරමින් ඊයේ ලිපියක්ද යොමුකර තිබුණා.
එවැනි ලිපියක් අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් කිසිදු හේතුවක් මත නිකුත් නොමැති අතරම අමාත්‍යවරයා කිසිවිටෙකත් රාජකාරී ලිපි යැවීමේ දී පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ භාවිතා නොකරන බවත් ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි සකස් කිරීමේ දී සිංහල භාෂායෙන් අත්සන යෙදීම සිදු නොකරන බවද අවධාරණය කර තිඛෙනවා.
අදාළ ව්‍යාජ ලිපිය අමාත්‍යවරයාගේ නමට අගතියක් සිදු කිරීමේ අභිලාශයෙන් හිතාමතා සහ වෛරී සහගත අරමුණින් යුතු කිසිවකු විසින් කූට ලෙස සකස් කර ප්‍රචාරය කරන්නට ඇතැයි විශ්වාස කරන බව හල්ලොලුව මහතා යොමු කර ඇති ලිපියේ සදහන්.
එබැවින් මේ පිළිබඳ වහාම විධිමත් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කිරීමටත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.
2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.