සමාජ මාධ්‍ය වෛරී ප්‍රකාශ හොයන්න පොලිස් ඒකකයක්

සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති බවයි.
එම කරුණු වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිඛෙනවා.