මහල් 54ක ගොඩැගිල්ලකට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

අමෙරිකාවේ මහල් 54ක ගොඩනැගිල්ලක් මතට හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් එහි නියමුවා මියගොස් තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ අනතුරින් පසු ගොඩනැගිල්ලේ ගින්නක්ද හටගත් බවයි.
ඒ අනුව වහාම එහි පදිංචිකරුවන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුරට හේතුව අයහපත් කාලගුණය බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි.