මන්ත්‍රීන්ට සහන මිලට ඉන්ධන දෙන්නේ නෑ / බලශක්ති ඇමති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනාධාර ඉන්ධන ලබා නොදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පොලිස් ගරාජයේ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් සදහන් කළා.
ගිලන් රථ ,අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිවෙකුට ඉන්ධන පිරවුම්හල්වල වරප්‍රසාද හිමි නොවන බවයි ඔහු කියා සිටියේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිඳු අවස්ථාවක කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙළඳපල මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි නොකරන බව ද ඔහු පවසා තිබෙනවා.

පුවත යවන්න

One thought on “මන්ත්‍රීන්ට සහන මිලට ඉන්ධන දෙන්නේ නෑ / බලශක්ති ඇමති කියයි

  1. ජනතාවගේ මුදලින් වැටුප් , දීමනා වරප්‍රසාද ලබන , අවුරුදු පහකින් විශ්‍රාම වැටුප් ලබන මොවුන්ට කිසිදිනක ගරු නාම පාවිච්චි නොකළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published.