වායු සුළි කුණාටුවෙන් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අද පස්වරුවේ ඇතුළුවීමට නියමිත “වායු” සූලිකුණාටුවෙන් ප්‍රබල බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ සදහන් කරනවා.

පැයට කිලෝමිටර 155ත් 156 අතර වේගයකින් මෙම සුළි කුණාටුව හමා යන බවයි වාර්තාවන්නේ.මේ වන විටත් ඉන්දියාවේ දුම්රිය ගමන්වාර 70ක් අවලංගු කර තිබෙනවා. ඉදිරි පැය 24 තුළ දැඩි අවධානායෙන් පසුවන ලෙසද එරට කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවනවා.  ලක්ෂ තුනක පමණ පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇති බවද එම වාර්තාවල සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews