ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ජාව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල් දමා තිඛෙනවා.
නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය ලබන සතියේ බදාදා දිනයේදී පැවැත්විමට තීරණය කර ඇති බවයි.

මේ වන විට පවත්වා ඇති සාකච්ජාවලදී ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පිළිබද විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි දේශපාලන ආරංචි මර්ග පවසන්නේ.
එහිදී ජනාධිපති හා අගමැති ධූර අපේක්ෂකත්වය පිළිබද එකගතාවයකට එලඹීමට බාධා මතුව ඇති බවටයි අදාළ අනාවරණ තුල දැක්වෙන්නේ.