
තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ විශ්වාසය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.