අයි එස් ගැන ලංකාවට ,ඉන්දියාවට අනතුරු ඇගවීමක් – ND TV

අයි එස් ත්‍රස්ත සංවිධානයේ උපාය මාර්ග වෙනස්වීම හමුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ලවිය හැකි බව ඉන්දියාවේ එන් ඩී ටීවී රූපවාහිනී සේවය අනාවරණයක් සිදුකර තිඛෙනවා.
ඒ ඉන්දීය බුද්ධි අංශ හා එරට ආරක්ෂක ප්‍රධානීන් අතර හුවමාරුවූ ලියවිලි කිහිපයක් පිළිබද අවධානය යොමුකරමිනුයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ අයි එස් ත්‍රස්තයින් දකුණු ආසියාව කෙරේ අවධානය යොමුකිරීම සමග වැඩි තර්ජනයක් මෙම දෙරටට පවතින බවයි.
ඉන්දියාවේ කේරල .තමිල්නාඩු , අන්ද්‍රා හා කාශ්මීර කලාපවලට මෙම තර්ජනය බහුලවිය හැකි බවද එහි සදහන්.
ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු අයි එස් අනුගාමිකයින් 30ක් පිළිබද කේරලයෙන් හදුනාගෙන ඇතැයිද එම වාර්තාව හෙළිකරනවා.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව මේ පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි එම වාර්තාවේ සදහන් කර ඇත්තේ.