කහඳගම රිමාන්ඩ්

මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ජුනි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබුණා.

මැයි 9 වනදා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනීසිටි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *