• Sun. Nov 27th, 2022

රුසියානු යානය නිදහස් කිරීම ගැන හෙට කරුණු ඉදිරිපත් කිරීමේ සූදානමක්

ByLankaAnews

Jun 5, 2022

රුසියානු ගුවන් යානය සම්බන්ධ ගැටලුව පිළිබඳව රුසියානු තානාපති කාර්යාලය සහ රුසියානු Aeroflot ගුවන් සේවය සමග සාකච්ජා කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුව රුසියානු Aeroflot ගුවන් සේවය සහ තවත් සමාගමක් අතර ඇතිවු ගැටලුවක් මත සිදුවූවක් බවයි.

මෙම අධිකරණ ක්‍රියාවලියට රජයට මැදිහත් වීමක් සිදු කළ නොහැකි බව තමන් තානාපති කාර්යාලයට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සඳහන් කළේ එම තත්ත්වය රුසියානු තානාපති කාර්යාලය අවබෝධ කරගෙන ඇති බවයි.

හෙට (06) දිනයේදී මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් යානය නිදහස් කර ගැනිමට අපේක්ෂා කරන බව රුසියානු Aeroflot ගුවන් සේවය තමන්ට දැනුම් දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් අදාල ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට සහ මගීන්ට සිය කණගාටුව පල කරන බවය.

මේ අතර මතුවී ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

රුසියානු Aeroflot ගුවන් සේවය කොළඹ බලා පියාසර කරන සිය වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

එම සමාගම සඳහන් ක‍ළේ, ශ්‍රී ලංකාවට තම යානා බාධාවකින් තොරව පියාසර කිරිම සහතික කිරීම සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කොළඹ බලා පියාසර කරන යානාවල ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවිය ද තාවකාලිකව නතර කර ඇතැයිද Aeroflot ගුවන් සේවය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් Aeroflot ගුවන් යානයක් රදවා තබා ගැනීම සම්බනධයෙන් රුසියාව ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඊයේ (04) සිය අප්‍රසාදය පළ කර තිබේ.

රුසියානු Aeroflot ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය 02 වැනිදායි.

ඒ අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *