• Sun. Nov 27th, 2022

ධූරයෙන් යන්නේ නෑ / ඉතිරි අවුරුදු දෙකත් ඉන්නවා – ජනපති

ByLankaAnews

Jun 6, 2022

තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා.

‌ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණා.

මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් පවසා තිබුණා.

“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ. මට අවුරුදු පහකට ජනවරමක් දුන්නා”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *